ලබන 1 වනදා සිට සියලුම බැංකු, මූල්‍යායතන සහ රජයේ ආයතන නිතිපතා තොරතුරු ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ මෙම වසරේ මාර්තු 21 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුවයි.
ඒ අනුව එහි පළමුවන උපලේඛනයේ නියම කර ඇති තොරතුරු කොන්දේසිවලට යටත්ව මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන ඇතුලු ඕනෑම මූල්‍යායතනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු වනවා.
ඊට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල්, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, කොළඹ කොටස් හුවමාරුවේ සභාපතිවරයාද අදාළ තොරතුරු ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.
එසේම භාණ්ඩ, වැඩ හෝ උපදේශන සහ උපදේශන නොවන සේවා සැපයීම සඳහා කොන්ත්‍රාත් ලබාදීම භාරව සිටින ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරීන්ද අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව තොරතුරු ලබාදීම සිදුකළ යුතුයි
අදාළ නිවේදනය පහතින්,


