යුක්‍රේනයට ඩොලර් මිලියන 270ක යුධ ආධාර

යුක්‍රේනය සඳහා ඩොලර් මිලියන 270කට අධික තවත් යුද ආධාර පැකේජයක් ලබාදීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා.

ඊට මිලිමීටර 155 කාලතුවක්කු උණ්ඩ, ගුවන් බෝම්බ සහ ගොඩබිම් වාහන ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

මෙලෙස අමෙරිකාව තවත් යුද ආධාර තොගයක් ලබාදීමට සූදානම් වන්නේ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනය පසුබැස ඇති මොහොතක වීම විශේෂත්වයක්.