ආසියානු සහාය දිවීමේ තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුනා.

ඒ තරගය විනාඩි 3යි තත්ත්පර 04යි දශම 48කින් අවසන් කරමිනි.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකයින් වන්නේ කාලිංග කුමාරගේ, අරුන දර්ෂණ, පසිඳු ලක්ෂාන් සහ දිනුක දේශාන් ය.