හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 06
හිරු බැසීම – 18 : 20
අද මැයි මාසේ විසිදෙවෙනිදා, බදාදා.
අද නම් ගොඩක් අය හරිම සතුටින් වැඩට යන දවසක්. මොක
හෙට ඉඳන් දීර්ඝ සති අන්ත නිවාඩුවක් තියෙනවා නේ. මේ වැස්සේ ගෙදරට වෙලා හොඳට නිදා ගන්න පුළුවන් හෙට ඉඳන්. හිකිස්..
අද දවස ගත්තොත් අද International Day for Biological Diversity හෙවත් ජෛව විවිධත්වය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර දවස වෙනවා. විවිධත්වය කියන්නේ අපි හැමෝම අතර තියෙන දෙයක්. මිනිසුන් කියන්නේ එකම විශේෂයක අය වුණත් අපි අතර සෑහෙන්න ලොකු විවිධත්වයක් තියෙනවා.
අපේ තියෙන DNA රටාවන් වෙනස් වීම තමයි මේ විවිධත්වයට හේතු වෙන්නේ. හැමකෙනෙක්ටම තියෙන්නේ එයාටම ආවේනික වූ DNA රටාවක්. ඒ DNA අපේ පරම්පරාවෙන් ආව කවලමක් විදිහට හඳුනා ගන්න පුළුවන්.
ඉතින් මිනිසුන් මිනිසුන් අතර වගේම මිනිසුන් සහ අනෙක් ජීවින් අතරත්, ඒ ජීවින් ජීවින් අතරත් එකිනෙකට වෙනස්කම් රාශියක් තියෙනවා. මේ ලෝකේ ඉන්න ජීවින් වර්ග ඔක්කොම තවමත් හඳුනා ගෙන නැහැ. ඉතින් මේ ලෝකේ ඉන්න හැම ජිවියාටම එයාටම ආවේනික වූ ලක්ෂණ තියෙනවා කිව්වොත් වැරදි නැහැ.
ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනය මුල් වරට ආරම්භ කරලා තියෙන්නේ 1993 අවුරුද්දේ. මුලින් නම් මේ දවස දෙසැම්බර් මාසයේ තිබිලා තියෙන්නේ, එත් 2000 අවුරුද්දේ ඉඳන් ඒක මැයි 22 දිනයට දාලා තියෙනවා.
මේ ලෝකේ ජෛව විවිධත්වය කියලා එකක් නැතුව ඔක්කොම ජීවින් එකම වගේ වුණා නම් ඒක හරිම කැත අමුතු තැනක් වෙනවා නේද. මිනිස්සු වුණත් හැමෝම එකම විදියේ වුණාම රොබෝ අය වගේ. ඒ නිසා ඔයාට ලැබිලා තියෙන ඔයාටම ආවේනික වූ රූපයට ආදරේ කරන්න. ඔයා වෙනස් කෙනෙක්. අපි හැමෝම වෙනස් අය.
අද Sherlock Holmes Day එකත් වෙනවා. Sherlock Holmes කියන්නේ කවුරුත් ආදරේ කරන රහස් පරීක්ෂකයෙක්. Sir Arthur Conan Doyle තමයි මේ චරිතය එයාගේ පොත් හරහා එලියට ගෙනාවේ. අද වෙනකොට ඒ පොත් වලින් විවිධ films, කතා මාලා සහ cartoon පවා නිර්මාණය වෙලා තියෙනවා. Arthur Conan Doyle එයාගේ රහස් පරීක්ෂක යාලුවෙක් වන Joseph Bell ආධාර කර ගෙන තමයි මේ homes චරිතය ගොඩ නගලා තියෙන්නේ.
ඉස්සෙල්ලම 1887 වසරේ දී Beeton’s Christmas Annual කියන කෙටි කතාව හරහා මේ Sherlock Holmes කියන චරිතය එලියට එනවා. 1916 දී පලවෙනි Sherlock Holmes film එක ඇමරිකාවේ දී එලි දැක්වෙනවා. 1927 දී තමයි Doyle එයාගේ අවසාන Sherlock Holmes පොත ලියන්නේ.
දැන් මේ වෙනකොට අවුරුදු සෑහෙන්න කාලයක් ගත වුණත් අදටත් පොත් කියවන්නෝ ආදරේ කරන චරිතයක් තමයි Sherlock Holmes කියන්නේ.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

