අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ රිය ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙසයි.

වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ රත්නපුර කෑගල්ල අනුරාධපුර මහනුවර ගාල්ල කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 07ක 19,234 දෙනෙක් පීඩාවට පත්ව සිටී.

පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786කි. 

එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති අතර පවුල් 37ක පුද්ගලයින් 1,140 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.