ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

තවද පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් ද බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා නිකුත් කෙරුණි.

එම අනතුරු ඇඟවීමේ නිවේදන අද (18) ප.ව. 4:00 සිට හෙට (19 ) ප.ව. 4:00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)      

බදුල්ල දිස්ත්‍රික්කය: 
හල්දුම්මුල්ල
හපුතලේ
⁠හාලිඇල
⁠බදුල්ල

මහනුවර දිස්ත්‍රික්කය: 
යටිනුවර
උඩපලාත
⁠උඩුනුවර
ගග ඉහළ කෝරළය
පස්බාගේ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය: 
යටියන්තොට
මාවනැල්ල
දෙහිඹ්විට
බුලත්කොහුපිටිය
ගලිගමුව
වරකාපොළ
කෑගල්ල
දැරණියගල
රුවන්වැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය: 
බලංගොඩ
රත්නපුර
ඉඹුල්පේ
කලවාන
කිරිඇල්ල
කුරුවිට
⁠ඇහැළියගොඩ
⁠අයගම
ඇලපාත