ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.
තවද පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් ද බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්රික්කවල අවදානම් ප්රදේශ සඳහා නිකුත් කෙරුණි.
එම අනතුරු ඇඟවීමේ නිවේදන අද (18) ප.ව. 4:00 සිට හෙට (19 ) ප.ව. 4:00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය:
හල්දුම්මුල්ල
හපුතලේ
හාලිඇල
බදුල්ල
මහනුවර දිස්ත්රික්කය:
යටිනුවර
උඩපලාත
උඩුනුවර
ගග ඉහළ කෝරළය
පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්රික්කය:
යටියන්තොට
මාවනැල්ල
දෙහිඹ්විට
බුලත්කොහුපිටිය
ගලිගමුව
වරකාපොළ
කෑගල්ල
දැරණියගල
රුවන්වැල්ල
රත්නපුර දිස්ත්රික්කය:
බලංගොඩ
රත්නපුර
ඉඹුල්පේ
කලවාන
කිරිඇල්ල
කුරුවිට
ඇහැළියගොඩ
අයගම
ඇලපාත

