ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අගමැති කියයි

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම ඒ කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි.

ඒ අනුව මේ වන විටත් විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු ඒ බව පැවසුවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.