ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ 1907 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කළ හැකි බවයි.
මේ වන විටත් නීති විරෝධී වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

