2024 – 05 – 17

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 19

අද මැයි මාසේ දාහත්වෙනිදා, සිකුරාදා.

සිකුරාදා දවස කියන්නේ ගොඩක් අය relax වෙන දවසක්. මොකද සතියකම මහන්සිය නිවන්න දවස් දෙකක් ලැබෙනවා නේ. සතියේ වැඩ කරන දවස් පහට වඩා වෙනසක් සති අන්තයේ ලැබෙනවා.

ජිවිතේ හැම වෙලේම ඒකාකාරිව තියෙන එක හිතටත් හරිම වදයක් නේ. එහෙම උනාම අපිට negative දේවල් හිතීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඒ නිසා සතියකට දවසක් දෙකක්වත් ඔයාගේ වෙහෙසකර ජීවන රටාවෙන් මිදිලා නිදහසේ ඉන්න පුරුදු වෙන්න.

ඒ වගේම හැමදාම හොඳට වතුර බොන්න, ටිකක් උදේම වගේ ඉර එලියට යන්න, සෙරෙප්පු නැතුව පොඩ්ඩක් අවිදින්න, ව්‍යායාමයක් කරන්න, හිනා වෙන්න. මේවා පොඩි දේවල් වගේ හිතුනට අපේ ජීවිතේ ලස්සන කරන්න මේ දේවල් ගොඩක් උදව් වෙනවා.

ඉතින් අද දවසේ විශේෂත්වය ගත්තොත් අද ලෝක විදුලි සංදේශ දිනය – World Telecommunication Day. Telecommunication ඒ කියන්නේ විද්‍යුත් උපකරණ භාවිතා කරමින් කරන සන්නිවේදය අපේ ජීවිත වලට නැතුවම බැරි දෙයක්. ෆෝන් එක, facebook, whatsapp, SMS වගේ දේවල් වලින් අපි අපේ ආදරණිය අය එක්ක කොහේ ගියත් ලං වෙලා ඉන්නවා. අපිට ලේසියෙන් පණිවිඩයක් යවන්න පුළුවන් මේ Telecommunication නිසා.

එක් තැනක ඉඳන් තවත් තැනකට ඉතාම ඉක්මනින් පණිවිඩයක් යවන්න පුළුවන් වීම තමයි මේකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඉස්සර ටෙලෙග්‍රෑම් වලින් පටන් ගත්ත මේ සන්නිවේදනය අද වෙනකොට පෘථිවියෙන් එළියටත් ගිහින් තියෙනවා.

1969 අවුරුද්දේ දී තමයි පලවෙනි වතාවට මෙහෙම දිනයක් සමරලා තියෙන්නේ.

මැයි 17 කියන්නේ International Day Against Homophobia, Transphobia and Biphobia. මේ වචන තුන එක පාරට දැක්කම කිසිම අදහසක් නැත්නම් ඒක මුල් වචනය වෙනම සහ phobia වචනය වෙනම වෙන් කර ගන්න. phobia කියන වචනයේ කියන එක. මුල් වචන ගත්තොත් එක Homosexual, Transgener, Bisexual වෙනවා. එතකොට එයාලට තියෙන බය තමයි මේ වචන වල තේරුම වෙන්නේ.

එතකොට සරලව කියනවා නම් LGBTQ+ community එකේ අයට තියෙන බය සඳහා විරෝධයක් දක්වන දවස තමයි අද.

සමහර අයට මේ LGBTQ+ community එකේ අය සම්බන්ධයෙන් අනියත බයක් තියෙනවා. කොහොම වුණත් කියන්න තියෙන්නේ අපිත් මිනිස්සු, එයාලත් මිනිස්සු කියන එක තමයි. කෙනෙක්ට අපිට වැඩිය ලිංගික ආශාවන් තිබුණා කියලා හෝ, එයාලගේ වර්ණදේහ වල යම් ගැටළුවක් තිබුණා කියලා අපි ඒ මිනිස්සුන්ට බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම එයාලා දිහා අමුතු විදිහට බලන්න, එයාලට අඩුවෙන් සලකන්න යන එක හරිම වැරදි වැඩක්. මනුස්සයෙක් විදිහට තවත් ඕනිම මනුස්සයෙක්ට ගරු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ.

අපි හැමෝම මිනිස්සු – එකිනෙකට වෙනස් මිනිස්සු !

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හැමෝටම සමානව එක වගේ සලකන්න.

ජය වේවා! තෙරුවන් සරණයි !