සබරගමුව පළාතේ රජයේ රෝහල්වල අද වර්ජනයක්

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක ඩැට් දීමනාවට සාපේක්ෂව සිය වෘත්තීන්ටද ප්‍රමාණවත් දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) සබරගමුව පළාතේ රෝහල්වල වර්ජනයක නිරත වනවා.

ඒ අනුව පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ.

පළාත් මට්ටමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර, ඊයේ මධ්‍යම පළාතේ රජයේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වුනා.