ජාතික පාසල් ගුරුවරුන්ගේ ස්ථාන මාරු කැඳවයි

ජාතික පාසල්වල ගුරුවරුන්ගෙ 2024 වර්ෂය සඳහා වාර්ෂික/අනිවාර්ය ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව www.nstt.moe.gov.lk දිගුව ඔස්සේ කැඳවා ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මාර්ගගතව අයදුම්පත් කැඳවීමේ කාලසීමාව 2024.04.25 දින සිට 2024.05.16 දින දක්වා ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර උපදෙස් සහ නිවේදන සියලුම ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකර තිබෙනවා.