විජයදාස රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස පත් කරගත් අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසමට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවයි.

නිදහස් පක්ෂයේ මෛත්‍රි පාර්ශ්වයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ පිටකෝට්ටේ පිහිටි හෝටලයකදි විධායක සභාව රැස්වූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉන් අනතුරුව පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විධායක සභාවේ ඒකමතික තීරණයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කර ගත්තේ ඔහුට පක්ෂයේ වැඩබලන සභාපති ධුරයේ කටයුතු කිරීම කොළඹ දිසා අධිකරණය විසින් වාරණයට ලක් කර ඇති පසුබිමකයි.