උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එරට කාන්තාවන්ට රතු තොල් සායම් (Lipstick) භාවිතය තහනම් කර තිබෙනවා.
රතු තොල් ආලේපන හරහා කාන්තාවන්ව වඩාත් කැපී පෙනෙන ආකාරයට පෙනීම මෙලෙස රතු ලිප්ස්ටික් තහනම් කිරීමට හේතුව බවයි පෙන්වා දෙන්නේ.
මෙම නීති උල්ලංඝනය කරමින් රතු ලිප්ස්ටික් භාවිතා කරන කාන්තාවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ.
උතුරු කොරියාවේ ක්රියාත්මක වන්නේ ‘හමුදාව ප්රථමයෙන්’ යන සංකල්පයයි. උතුරු කොරියානු වැසියන් සියලු දෙනා ජීවත් විය යුත්තේ එකිනෙකා අතරේ කැපී නොපෙනෙන ආකාරයට වනවා.
කෙසේවෙතත්, කාන්තාවන්ට තමන්ව කැපී නොපෙනෙන ආකාරයට වඩාත් සරලව make up එකක් භාවිතා කළ හැකි වනවා.
උතුරු කොරියානු වැසියන්ට ඩෙනිම් ඇඳීම, සිරුර සිදුරු කරමින් කරාබු පැළඳීම ආදිය තහනම් වන අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම රජය විසින් අනුමත කරන ලද කොණ්ඩා මෝස්තරයක් පමණක් සිදු කළ හැකි වනවා.

