දියර කිරි ආනයනයට වසරකට රුපියල් බිලියන 70ක්

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල පවසනවා.

මෙරට ජනතාවගේ දියර කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය වන්නේ සියයට 40 ක ප්‍රමාණයක් පමණක් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.