මධ්‍යම පළාතේ රෝහල්වල හෙට වර්ජනයක්

මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් හෙට දිනයේ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමිනුයි.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ ප්‍රදාන හා නිර්බාධක දීමනාව හෙවත් DAT දීමනාව තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

එහි එක් පියවරක් ලෙසයි හෙට දිනයේදී මධ්‍යම පළාතේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වනුයේ.