පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා දෙන්න ලංකාවේ සහය

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය සඳහා පලස්තීනය ඉදිරිපත් කළ අයදුම්පතට ශ්‍රී ලංකාව සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පිළිබඳව Xහි සටහනක් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි විසින් පළකර තිබෙනවා.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව සාමාජිකයින් ඇතුළත් කිරීම” පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව හරහා ගනු ලැබූ මෙම තීරණය, ජාත්‍යන්තර වේදිකාවේ සාමය සහ යුක්තිය සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කර ඇති බව එහි සඳහන්.