ලබන සතියේ සිට ජාතික ඩෙංගු මර්දන සතියක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ වන විට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා.