10 කොරෝනා මරණය වාර්තා වෙයි – ඇය කුවේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්

මෙරට 10 කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 10 දක්වා ඉහළ යනු ලබයි.