පාවෙන සූර්ය බල නියමු ව්‍යාපෘති දෙකක් ජූලි මාසයේ අවසන් වෙයි

කොරියානු ජනරජයේ මූල්‍ය හා තාක්ෂණික සහයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද පාවෙන සූර්ය බල නියමු ව්‍යාපෘති දෙකක් අවසන් වෙමින් පවතින බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව සහ සෙවනගල කිරිඉබ්බන් වැවෙහි මෙගාවොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක කොරියානු වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති අමාත්‍යාංශයේ තාක්‍ෂණ ප්‍රවර්ධනය සඳහා වූ කොරියානු ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද අතර යොෂින්ගේ තාක්ෂණික සහය සහ ඉදිකිරීම් සමඟ ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම ව්‍යාපෘති දෙක 2023 දී ආරම්භ වූ අතර 2024 ජූලි වන විට අවසන් වනු ඇත.