2024 – 05 – 08

හිරු නැගීම – 05 : 53

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 17

අද මැයි මාසේ අටවෙනිදා, බදාදා.

බදාදා කියන්නේ බුධ ග්‍රහයාගේ නමින් වෙන් කරපු දවස සිංහලෙන් නම්. බුද දා කියලත් කියනවා නේ. සතියේ වැඩ කරන දවස් වලින් මැද දවස තමයි බදාදා කියන්නේ. දවස් දෙකක් වැඩ කරලා තියෙනවා සහ තව දවස් දෙකක් වැඩ කරන්න ඉතුරු වෙලා තියෙනවා.

අද අලුත් චන්ද්‍ර මාසයක ආරම්භක දවස වෙනවා. ඔව්, අද අමාවක දවසක්. හඳ ආයෙමත් අද ඉඳන් එයාගේ එලිය වැඩි කර ගන්නවා.

ඉතින් මැයි 08 වෙනිදා දවසේ විශේෂත්වය ගත්තොත් අද world donkey day එක. සිංහලෙන් නම් බූරුවා. ගොඩක් අය මේ වචනේ අවමන් කරන්න වගේ එකකට නේ භාවිතා කරන්නේ. විද්‍යාඥයන් කියන්නේ දැන් ඉන්න බූරුවෝ හැදිලා තියෙන්නේ Somalian සහ Nubian කියන බූරුවන් වර්ග දෙක එකතු වෙලා කියලා. ඒ කියන්නේ ඒ වර්ග දෙකේ බූරුවන් අතර අන්තර් ප්‍රජනනයෙන් තමයි දැන් ඉන්න modern බූරුවෝ හැදිලා ඉන්නේ.

අතීතයේ ඉඳන් මේ බූරුවෝ බර අදින්න තමයි උදව් කර ගෙන තියෙන්නේ. කාන්තාර සතුන් පිළිබඳව අධ්‍යනය කල විද්‍යාඥයෙක් වන Raziq Ark විසින් තමයි මෙහෙම බූරුවන් වෙනුවෙන් දවසක් නම් කරලා තියෙන්නේ.

ඒ වගේම අද Golf Day එකත් වෙනවා. ලෝකේ පලවෙනි golf තරඟය පවත්වලා තියෙන්නේ 1916 වසරේ අද වගේ දවසක.

15 වන ශතවර්ෂයේ ස්කොට්ලන්තයේ දී golf ක්‍රීඩාව ආරම්භ වුණා කියලා තමයි සැලකෙන්නේ. කොහොම වුණත් ගොල්ෆ් වලට ස්සමාන ක්‍රීඩාවන් අතීතයේ චීනය, පර්සියාව වගේ රටවලත් තිබිලා තියෙනවා.

අද Irises මල් වලට වෙන් කරපු දවසත් වෙනවා. දේදුන්න යන තේරුම සහිත ග්‍රීක වචනයක් වන iris කියන එකෙන් තමයි මේ මලේ නම හැදිලා තියෙන්නේ.

මේ තියෙන්නේ van gogh කියන චිත්‍රකරුවා විසින් දැක්ක Irises මල්

අද දවස සතුටින් ගත කරන්න. ඔයාට ආදරේ කරන අය එක්ක ඉන්න පොඩි හරි වෙලාවක් වෙන් කර ගන්න.

ජය වේවා! තෙරුවන් සරණයි !