එංගලන්තයේ Yorkshire ප්‍රදේශයේ Stags Head Inn නම් සමාජ මාධ්‍ය ශාලාවක රථගාලක තිබී ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් ටොන් භාගයක් හමු වී තිබෙනවා.
මේ සමබන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය පවසන්නේ.
මෙම තොගයේ බර කිලෝග්‍රෑම් 500 ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.
මේවා එම සමාජ මාධ්‍ය ශාලාව අසල පිහිටා ඇති මුහුද හරහා ගෙන ඇති බවටයි ඒජන්සිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතින බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

