ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් 100%කින් ඉහළට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන අතර එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වෙයි.