ශ්‍රී ලංකා රජය සිය වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය VFS Global වෙත ලබා දීමට එරෙහිව පාර්ශව රැසක් සිය විරෝධය පළ කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සංචාරකයන්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමක ඇති අවස්ථාවන්හි දී වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් ලබා ගත හැකි බවයි.
වීසා වලට අය කරන ගාස්තුවෙන් 25% කට වඩා ප්‍රමාණයක් මේ වන විට VFS Global ආයතනය විසින් ලබා ගන්නා බවයි ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.
එමගින් ශ්‍රී ලංකා රජයට හෝ සංචාරකයන්ට කිසිදු වාසියක් අත් නොවන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරන්නේ VFS Global ආයතනය හේතුවෙන් e-visa සැකසීමේ ක්‍රියාවලියේ දී යළිත් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති වන බවයි.
නැවත පැවති ආකරයටම, රජයේ වෙබ් අඩවියක මෙම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය නැවත ස්ථාපිත කරන මෙන් සංචාරක පාර්ශවකරුවන් රැසක් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇති බව වාර්තා වෙනවා.

