යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Mars Express orbiter විසින් අඟහරු ග්‍රහයාගේ දකුණු ධ්රැව කලාපයේ “මකුළුවන්” වැනි යමක ඡායාරූප එවා තිබෙනවා.
කෙසේවෙතත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙලෙස දර්ශනය වී ඇති මකුළුවන් යනු පෘථිවියේ හඳුනා ගන්නා arachnida සතුන් නොවන අතර ඒවා සංකීර්ණ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන බවයි.
මේවා අඩි 3,300 ක් දක්වා විශාලතත්වයෙන් යුතු වන බවට හඳුනා ගෙන තිබෙනවා.
මේවා ප්‍රධාන වශයෙන් නැගී එන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා ඇති වුවාක් බවට සැක පළ කරනවා.
මෙලෙස මකුළුවන් හමු වී ඇති කලාපය Inca City ලෙස හඳුන්වන අතර ඉන්කා නටඹුන් සිහියට නංවන එහි ජ්‍යාමිතික කඳු වැටි හේතුවෙන් එම නම එයට යොදා තිබෙනවා.
කෙසේවෙතත් එහි විද්‍යාත්මක නම වන්නේ Angustus Labyrinthus යන්නයි.
Inca City හි මූලාරම්භය තවමත් අභිරහසක් ලෙස පවතින අතර විද්‍යාඥයන් යෝජනා කර ඇත්තේ එය කාලයාගේ ඇවෑමෙන් සෑදී ඇති බවත්, වැලි කඳු ගල් බවට හැරෙන ඇති බවත් ය.


