ගෑස් අඩුවීමේ වාසිය ආපනශාලා වලිනුත්

ගෑස් මිල අඩුවීම නිසා ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:10කින් අඩු කර ඇති බවයි.