WhatsApp සම්පූර්ණයෙන් තහනම් කර ඇති රටවල සහ අනෙක් රටවල විටෙන් විට WhatsApp තහනම් කරන අවස්ථාවල දී මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් WhatsApp පරිශීලනය කර ඇතැයි වාර්තා වෙනවා.
VPN සහ පසුගිය ජුනි මාසයේ දී හඳුන්වා දුන් WhatsApp’s proxy service යොදා ගනිමින් මෙලෙස මෙම පරිශීලකයන් WhatsApp භාවිතා කරන බවයි එහි ප්‍රධානි Will Cathcart පැවසුවේ.
WhatsApp ඉරානයේ සහ උතුරු කොරියාවේ සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර සිරියාව, සෙනගල් සහ ගිනියාවේ වරින් වර අවහිර කර ඇත.
එසේම කටාර්, ඊජිප්තුව, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අනෙකුත් රටවල් වල calls ගැනීම ආදිය සීමා කර තිබෙනවා.

