ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වනවිට සියලු සැළසුම් සකස් කර තිබෙනවා.

ඒ යටතේ මීටර 850ක් සහ මීටර 150ක දිගින් යුතු දියකඩන දෙකක් ඉදිකිරීමට නියමිත අතර, පත්ල මීටර 12.05කින් ගැඹුරු කිරීම හා මගී පර්යන්තයක් ඉදිකිරීමද සිදුවනු ඇති.

ඊට අදාළ ගැටලු නිරාකරණය කරගැනීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මෙම සංවර්ධන ව්‍යාපෘතියට දායකත්වය ලබාදීමට කැමති දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන ලෙසයි.

ගාලු වරායේ සමස්ත සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඩොලර් මිලියන 200ක් වැය කරනු ලබනවා.