2024 – 04 – 29

හිරු නැගීම – 05 : 55

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 29 වෙනි දා, සඳුදා. මේ මාසේ අන්තිම සඳුදා දවස. මේ සතියේ මැද ඔක්කොටම නිවාඩුවක් තියෙන නිසා අද හෙට දවස් දෙක යා ගන්න ඒක උදව් කර ගන්න පුළුවන්. හිකිස්…

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද ලෝක නැටුම් දවස.

නැටුම් කියන්නේ හැම රටකම තියෙන වැදගත් සංස්කෘතික අංගයක්. ශ්‍රී ලංකාව පොඩි රටක් වුණාට එකේ උඩරට පහතරට ආදී වශයෙන් නැටුම් වර්ග ගණනාවක් තියෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ භාරත, කතකෙලි, වගේ ගොඩක් නැටුම් කලා තියෙනවා. නැටුම් කියන්නේ ශබ්දය, රූප ඔක්කොම එකට යොදා ගනිමින් කරන කලා නිර්මාණයක්. භාරත වගේ නැටුම් බලන්න විතරක් නෙමෙයි ඒවා ඒ මුද්‍රා සහ අංග චලන වලින් කියවන්නත් පුළුවන්.

නැටුම් කියන එක එක්තරා විදිහක භාවනාවක් වෙනවා. ශරීරය සහ මනස දෙකම එකට හසුරවමින් හරි කල්පනාවෙන් තමයි ගොඩක් සම්ප්‍රදායික නැටුම් කලා කරන්නේ.

නැටුම් නටන්න ශරීරය හොදට නම්‍යශීලි වීම වැදගත් වෙනවා. එතකොට තමයි හොඳට ඒ අංග චලන නිරුපණය කරන්න පුළුවන් වෙන්නේ.

අද දවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අද wish day එක. wish එකක් කියන්නේ ප්‍රාර්ථනාවක්. ජිවිතේ හැම මොහොතකම වගේ අපි මොනවා හරි දෙයක් ප්‍රර්ථනා කරනවා නේද… ඔයා රස්නේ කාමරයක නම් ඉන්නේ අනේ AC එකක් තිබ්බා නම්…. බඩගින්නේ නම් ඉන්නේ කන්න දෙයක් තිබ්බා නම් ආදී විදිහට හැම වෙලේම ප්‍රර්ථනා කරනවා. ඒ වගේම උදේ එලියට යනකොට අද දවසේ වැඩ ටික හොඳින් කරන්න ලැබේවා කියලා හිතන එකත් එක්තරා ආකාරයක ප්‍රාර්ථනාවක් තමයි.

ඉතින් අදත් ඔයා විශේෂ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගන්න ඔයා කරන්න ඕනේ දේවල් ටිකත් ලිස්ට් එකක් හදලා ඒ ටිකත් අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔයාට ඔයාගේ ප්‍රර්ථනා අනිවාර්යයෙන්ම ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි.

ඔයා ප්‍රාර්ථනා කරන එකෙන් වෙන්නේ ඔයා ඔයාට ඕනි දේවල් විශ්වයට කියනවා වගේ වැඩක්. ඉතින් ඔයා ඒ දේවල් ලබා ගන්න ඕනි දේවල් දැනටමත් කරනවා නම් විශ්වය ඔයාට ඒ දේවල් ලබා ගන්න පොඩි තල්ලුවක් දෙයි.

එහෙම නැත්නම් ඔක්කොම ප්‍රාර්ථනා කරලා නම් ලබා ගන්න බැහැ හොඳේ…. හිකිස්…

එහෙනම් මේ සතියට හොඳ ආරම්භයක් දෙන්න අද දවස හොඳින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!