යුක්රේනයට ඩොලර් බිලියන 06ක යුධ ආධාර

යුක්රේනය සඳහා ඩොලර් බිලියන 6ක් වටිනා නව යුධ ආධාර පැකේජයක් ලබා දීමට තීරණය කර ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඊයේ ප්‍රකාශ කළා.

මෙම සතිය මුලදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද ඩොලර් බිලියන 61 ක විශාල ආධාර පැකේජයේ පළමු කොටස මෙලෙස ලබා දීමට නියමිතව තිබෙනවා.

HIMARS, Switchblade සහ Puma ඩ්‍රෝන යානා, ප්‍රති-ඩ්‍රෝන පද්ධති සහ කාලතුවක්කු යනාදිය මේ සඳහා ඇතුලත් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්රේන ජනපති Volodymyr Zelenskyy සඳහන් කර ඇත්තේ යුක්රේනයේ ජිවිත ආරක්ෂා කිරීමට උදව් වන ඇමරිකාවට ස්තුතිවන්ත වන බවයි.