ආසන්න දින කිහිපයක සිට විටින් විට භූකම්පන ඇති වන තායිවානයේ මෙරට වේලාවෙන් අද (27) අළුයම තවත් භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
තායිපේ අගනුවර ආසන්නයේ කිලෝමීටර් 24.9ක් (සැතපුම් 15.5 ක්) ගැඹුරින් මෙය ඇති වී ඇති අතර එහි විශාලත්වය රික්ටර් පරිමාණ 6.1ක අගයක් ගෙන තිබෙනවා.
මෙය තායිවානයේ පළමුවෙන්ම භූකම්පන හටගත් නැගෙනහිර Hualien ප්‍රාන්තය ආසන්නයේ හට ගෙන තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මින් සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා කර නැහැ.
පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවමින් මෙම මස මුලදී Hualien ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවෙන් පසු මේ දක්වා භූකම්පන 1,000කට අධික සංඛ්‍යාවක් තායිවානයේදී සිඳුව තිබෙන බව යි පවසන්නේ.

