ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (අප්‍රේල් 26) එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 291.7 ක් ලෙස හා විකුණුම් මිල රු. 301.29ක් ලෙස අද සටහන් වී තිබෙනවා.

ගල්ෆ් මුදල් ඇතුළු අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව ද රුපියල ඉහළ ගොස් ඇත.