2024 – 04 – 27

හිරු නැගීම – 05 : 56

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 27 වෙනිදා, සෙනසුරාදා.

සෙනසුරාදා නම් කරලා තියෙන්නේ සෙනසුරු ග්‍රහයාගේ දවස විදිහට. ඉංග්‍රීසියෙන් Saturday කියලත් තියෙන්නේ සෙනසුරු හෙවත් Saturn ගේ දවස.

සෙනසුරු කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හයවැනි ග්‍රහලෝකය. පෘථිවියට කිලෝමීටර බිලියන 1. 434 ක දුරින් තමයි මේක පිහිටලා තියෙනවා කියලා කියන්නේ. සෙනසුරුගේ එක දවසක් කියන්නේ පෘථිවි පැය 10 විනාඩි 7 ක කාලයක්.

චන්ද්‍රයන් 146 දෙනෙක් ඉන්න මේ සෙනසුරු විශාල වායු ගෝලයකින් හැදුණු කෙනෙක්. මෙයාගෙ වටේ තියෙන අයිස් වළලු නිසා තමයි මෙයා වැඩියෙන්ම ප්‍රසිද්ධ. මෙයාගෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 288.4ක් වගේ වෙනවා ලු.

දැන් අපි බලමු අප්‍රේල් 27 වැනි දා මොනවද තියෙන විශේෂතා කියලා.

අද Wolrd healing day එක. ඒ කියන්නේ සුවපත් වීමේ දවස. සරලව කියනවා නම් අපිට වුණු කායික හෝ මානසික දෙයකින් මිදිලා යළි යථා තත්ත්වයට පත් වීම තමයි සුවපත් වීම එහෙමත් නැත්නම් heal වෙන එක කියන්නේ.

කායික රෝගයකින් සුවපත් වෙන එක් තරම් මානසික රෝගයකින් සුවපත් වෙන එක ලේසි නැහැ.. ඒකට ටිකක් කල් ගත වෙනවා. Healing journey එක ඒකාකාරී නැහැ. සමහර වෙලාවට ඔක්කොම හොඳින් වගේ තේරුනත් එක පොඩි දෙයකින් ඔයා ආයේ හිටපු තත්ත්වයටම පත් වෙන්න පුළුවන්. එහෙම වුණත් ඔයා ඒ ගමන නතර කරන්න එපා, මොකද එකත් මේ ගමනේ එක අවස්ථාවක් විතරයි.

සුවපත් වීම කල් ගත වෙන වැඩක්. ඒ වුණාට අවශ්‍ය වෙන්නේ ඔයා සම්පූර්ණයෙන් ම ඒ දෙයින් මිදීම. උදාහරණයක් විදිහට ඔයා ex එක්ක වුණ breakup එකෙන් heal වෙලා නම් ඉන්නේ, ඔයාට ආයේ ex දැක්කම ඇඩෙන්න එන්න බැහැ, එහෙම වෙලා නම් ඔයා තාම ඉන්නේ heal වෙන ගමන්..

සමහර දේවල් වලින් heal වෙන්න අවුරුදු ගානක් යන්න පුළුවන්. ඒක සාමාන්‍යයයි. වැදගත් වෙන්නේ අපි අපිව සුවපත් කර ගන්න මොනවා හරි කරනවද කියන එක.

කොහොම වුනත් මතක තියව ගන්න heal වෙන්න, දේවල් අමතක වෙන්න කියල වැරදි මාර්ග වල නම් යන්න එපා, එහෙම උනොත් ඊට වැඩිය damage එකක් ඔයාට ඒ දේ තුළින් වෙනවා.

Winnie the Pooh කතා මාලාවේ ඉන්න Eeyore ගේ උපන්දිනය ඔන්න අදට යෙදිලා තියෙනවා. ඔන්න අප්‍රේල් 27 උපන්දිනය තියෙන පුංචි බබෙක්ට party එකට ලස්සන theme එකක් ඒක.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. භාවනා වගේ හිත නිවෙන දෙයකට ත් අද වෙලාවක් වෙන් කරන්න.

ජය වේවා තෙරුවන් සරණයි!