හිරු නැගීම – 05 : 57
හිරු මුදුන් වීම – 12 : 07
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ 23 වැනි දා, අඟහරුවාදා. අද ගොඩක් අයට නම් පෝය නිවාඩු දවස, ඉතිං අද ගෙදර හැමෝම වගේ ගොඩක් ගෙවල්වල ඉන්නවා.
ඉතින් අද බක් පුර පසළොස්වක පෝය දවස, අද හඳේ කලා එහෙමත් නැත්තං වක පහළොවක් පිරිලා තියෙන්නේ. පෝය දවස කියන්නේ හදේ ශක්තිය සහ ඉරේ ශක්තිය දෙකම පෘතුවියට එල්ල වෙන දවසක් කියලා කියනවානේ. ඉතින් අද දවසේ ආගමික කටයුතු කරන්න බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ මේ නිසයි.
අද අප්‍රේල් 23 වෙනිදා ස්පාඤ්ඤ භාෂාවට වෙන් කරලා තියෙන දිනය ලෙස හඳුන්වන්න පුළුවන්. ස්පාඤ්ඤ භාෂාව තමයි ලෝකෙ දෙවෙනියටම වැඩියෙන් කතා කරන්න භාෂාව ලෙස හඳුන්වන්නේ.
ඔන්න ඔයා ද නිදහසේ ෆ්‍රී එකේ නං ඉන්නේ ඔයාට පුළුවන් පොඩ්ඩක් ස්පාඤ්ඤ භාෂාවේ වචන තෙක් තුනක් ඉගෙන ගන්න. භාෂාවක් ඉගෙන ගන්නවා කියන එකයි කවදාවත් අපිට යන්නට දෙයක්. මොකද ජීවිතයේ කවදහරි දවසක අපිට ඒ භාෂාව උවමනා වෙන්න පුළුවන්. ඔයා ස්පාඤ්ඤයේ සංචාරයකව කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ස්පාඤ්ඤ භාෂාව දැන ගෙන තියෙන එක ගොඩක් ලොකු දෙයක් වෙනවා.
භාෂාවක් ඉගෙන ගන්න තියෙන ලේසිම විදිහ තමයි ඒ භාෂාවෙන් තියෙන පොඩි අයගේ කාටූන් වගේ දේවල් බැලීම. මොකද පුංචි අයට ගොඩක් සරලව කියලා දෙන හින්ද අපිටත් ලේසියෙන් ඒ භාෂාවේ චූටි චූටි තැන් අල්ලගන්න පුළුවන් වෙනවා.
අද දවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අද ලෝක පොත් දිනය. පොත් කියන්න ඉතින් අපේ නෙත් වගේ කියලා කියනවනේ. පොත් ගොඩක් කියවන එක මනුස්සයෙක්ට ගොඩක් අයගේ ජීවිත අත්දකින්න පුළුවන්. ඒ හරහා එයා රැස් කරගන්න දැනුම අතිවිශාලයි.
පොත් කියවීම කියන්නේ අපි පුංචි කාලේ ඉඳන් ඇති කර ගන්න ඕනේ හොඳ පුරුද්දක්.
අප්‍රේල් 23 කියන්නේ English Muffin Day එකත් වෙනවා. Muffin වලට අවුරුදු 100ක් විතර ඉතිහාසයක් තියෙනවා. එච්චර කාලයකට පස්සේත් අදටත් කට්ටිය ගොඩක් ආස කරන කෑමක්.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. ඔයා මොන ආගමක කෙනෙක් වුණත්, අද ආගමික වැඩකටත් වේලාව වෙන් කර ගන්න මතක් කරලා.
ජය වේවා! තෙරුවන් සරණයි!

