කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ www.kdu.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කල හැකි බවයි.
පාඨාමාලා ගාස්තුව රුපියල් මිලියන 12.5 ක් ලෙස සඳහන් වන අතර අවුරුදු 5 ක කාලයක් පාඨාමාලාව හැදෑරිය යුතු වේ.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය දේශීය සිසුන්ටත් මුදල් ගෙවා හැදෑරිමට අවස්ථාව දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කෙරිණි.

