දකුණු අමෙරිකානු කලාපයේ කොවිඩ් මරණ ගණන 30, 000 ඉක්මවා ගොස් තිබේ.
ඉන් වැඩිම මරණ ගණන වාර්තාවන්නේ කොවිඩ් ආසාදිතයින් 255,000 ක් වාර්තාවන බ්‍රසීලයෙන්ය.
ඊයේ සිදුවූ මරණ 735ත් සමගින් සමස්ත මරණ ගණන 16,853ක් ලෙසින් දැක්වුණි.
ඒ අනුව බ්‍රසීලය ලොව වැඩිම කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.
බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේ ජීවත්වන ස්වදේශිකයන් අතර ඉතාමත් වේගයෙන් කොවිඩ් වසංගතය ව්‍යාප්තවෙමින් පවතින බැවින් ආසාදිතයින් ගුවන් මගින් නගර කරා රැගෙන ඒමට කටයුතු සලස්වා තිබුණි.

