කුවේට්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබේ.
ඉන් පළමු කණ්ඩායම ඊයේ(19) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 287 දෙනෙකු සිටි බව ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේය.
දෙවන කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
කුවේට්හි නීති විරෝධීව ශ්‍රී ලාංකිකයින් 19,000ක් පමන රැදී සිටින අතර ඔවුන්ට රටින් පිටවීම සදහා කුවේට් රජය විසින් ලබා දි ඇති පොදු සමා කාලය උපයෝගි කරගනිමින් මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බව වාර්තා වෙයි.
දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සදහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගුවන්ගමන් බලපත්‍ර සකස් කර දී ඇති තිබේ.
දිවයිනට පැමිණි සියලු පුද්ගලයින් විෂබීජහරණය කිරිමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බව ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
අද දෙරණ

