Fox Hill ධාවන තරඟයේ අනතුරකින් පස්දෙනෙක් ජීවිතක්ෂයට – Video

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසන්නේ.

මෙම තරගය නවතා තබා යලි ආරම්භ කරේ වසර ගණනකට පසුවයි.