ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇත්තේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 4000කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගැනීම හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 328ක් වන බව සඳහන්ය.
ආසාදිතයින් 40,000කට ආසන්න පිරිසක් පූර්ණ සුවය ලබා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3156ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

