මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත්, වරින්වර හමන සුලං තත්ත්වය මෙන්ම පවතින මීදුම් තත්ත්වයත් හේතුවෙන් මාර්ගවලට පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම්, මාර්ග ලිස්සායාම්, මාර්ග අවට ගිලා බැසීම්, විදුලි හා දුරකතන කණු හා රැහැන් කඩා වැටීම්, මාර්ගය නිසි ලෙස දර්ශණය නොවීම් ආදිය සිදුවිය හැකි බැවින් රියදුරන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය සිදු කල යුතුව ඇතැයිද පොලීසිය පවසයි.
ඒ අනුව බණ්ඩාරවෙල-හපුතලේ , නුවරඑළිය-හැටන්, තලවකැලේ- නාවලපිටිය, හැටන්- අවිස්සාවේල්ල, නුවරඑළිය- මහනූවර ආදී මාර්ග ඇතුළු උඩරට වතුකරයේ බොහෝ මාර්ගවල එක්වරම දැඩි මීදුම් තත්ත්වයන් හට ගැනීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිඳවත් රියදුරන් අවධානය යොමු කරන ලෙස පොලීසිය ඉල්ලයි.

