2024 – 04 – 21

හිරු නැගීම – 05 : 58

හිරු මුදුන්වීම – 12 : 07

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාස 21 වෙන ඉරිදා දවස. පෝය නිවාඩුව යෙදිලා තියෙන්නේ අඟහරුවාද නිසා හෙට ඉතින් වැඩට යන්න වෙනවා ගොඩක් අයට.

කොහොම වුනත් හෙට ඉඳන් අලුත් සතියක් පටන් ගන්න නිසා අද පුංචි වෙලාවක් වැය කරලා ඒ අලුත් සතියට කරන්න ඕනි දේවල් ප්ලෑන් කරන්න.

පෝය දවසේ ඔයා නිවාඩු නම් ඒ නිවාඩු දවස ගතකරන විදියත් අද ටිකක් හිතල බලන්න.

අප්‍රේල් 21 කියන්නේ World Creativity and Innovation Day එක එහෙමත් නැත්නම් නිර්මාණශීලීත්වයේ සහ අලුත් නිපැයුම් සොයාගැනීමේ දවස.

ඉතින් එදා ගල් යුගයේ රෝදය හොයාගත්ත දවසෙ ඉදන් අද වෙනකන් මේ ලෝකෙම දියුණු වෙලා තියෙන්නේ කරපු අලුත් සොයාගැනීම් නිසා. අලුත් සොයා ගැනීම් කරන්න අපි අලුත් විදිහට වෙනස් විදියට හිතන්න ඕනේ. ඒ වගේම නිර්මාණශීලී විදිහට හිතන්නත් ඕනේ.

ඉතින් අලුත් සොයාගැනීම සහ නිර්මාණශීලීත්වය කියන්නේ එකිනෙකට බොහෝ සමීප සම්බන්ධයක් තියෙන දේවල් දෙකක්. අපිට පුළුවන් තැන් තියෙන දෙයක් දිහා උනත් නිර්මාණශීලී විදිහට බලල අලුත් දෙයක් නිර්මාණය කරන්න. නිර්මාණශීලීත්වය කියන එක අපි කවුරු ළඟත් තියෙනව. ඒ උනාට දැන් තියෙන තරගකාරී අධ්‍යාපන රටාව සහ ජීවිතයේ තියෙන තරගකාරීත්වය එක්ක අපිට නිර්මාණශීලී විදිහට හිතන්න තියෙන අවස්ථාව ඇහිරිලා ගිහින් තියෙනවා.

අපි ගොඩක් අය බලන්නේ සාම්ප්‍රදායික විදිහට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට ජීවත් වෙන්න. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. මොකද දැන් ජීවත් වෙන්න නම් අනිවාර්යෙන්ම මේ දේවල් කරන්න වෙනවා.

අපි මේ දුවන තරගෙ මැද්දේ, චුට්ටක් වෙලා නතර වෙලා ඔයාගේ නිර්මාණශීලීත්වයටත් ඉඩක් දෙමින් රාමුවෙන් ඔබ්බට ටිකක් ඔයාට හිතන්න පුළුවන්නං ඔයාට මීට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

අපි දේවල් කරන්න අලුත් මාර්ග හොයාගන්නෙත් අපි තුළ තියෙන නිර්මාණශීලීත්වය. Work smart not hard – මේ කියවන අපි හැමෝම අහලා තියෙන දෙයක් නේ. ඉතින් ස්මාට් විදිහට වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම අපිට නිර්මාණශීලී විදිහට හිතන්නෙම වෙනවා.

ඒ නිසා ඔයා එදිනෙදා වැඩ කරනකොට ඊට ඒක කරන්න පුළුවන් වෙනස්, සහ අලුත් ක්‍රම තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. සමහර වෙලාවට ඔයාට වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් හම්බවෙන්නත් පුළුවන් .

අද Curlew කියන කුරුල්ල වෙනුවෙන් වෙන් කරපු දවසත් වෙනවා. ලෝකයේ ඉන්න අති දුර්ලභ කුරුල්ලන්ගෙන් එක් අයෙක් විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්.

ඔයා පොත්පත් කියෝන කෙනෙක් නම් මේ කුරුල්ලව ගොඩක් තැන්වලදී හම්බවෙලා ඇති.

එහෙනම් අද ඊට නිවාඩු දවස සතුටින් නිදහසේ ගත කරන්න.

ජය වේවා ! තෙරුවන් සරණයි!