බුලත් පුවක් මිලත් ඉහළට

මේ දිනවල බුලත් සහ පුවක් මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා

ආර්ථික මධ්‍යස්ථානවල බුලත් කොළ 100ක් රුපියල් 400ත් 500ත් අතර තොග මිලකට අලෙවි වන අතර, බුලත් කොළ 100ක සිල්ලර මිල රුපියල් 1000ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම පුවක් ගෙඩියක මිල ද රුපියල් 10ත් 15ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර ,පුවක් ගෙඩි 100ක තොග මිල රුපියල් 800ක් වී ඇත.