නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපාල මහතා සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් , තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බවත් ය.
විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා සඳහන් කරනවා.
හෙදියන් ද බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගිය ද, නව බඳවා ගැනීම් හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බදා වී නැතැයි පාලිත මහිපාල මහතා වැඩීදුරටත් සඳහන් කරනවා

