නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපාල මහතා සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් , තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බවත් ය.

විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා සඳහන් කරනවා.

හෙදියන් ද බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගිය ද, නව බඳවා ගැනීම් හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බදා වී නැතැයි පාලිත මහිපාල මහතා වැඩීදුරටත් සඳහන් කරනවා