පළාත් 7කට අදත් අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක්

පළාත් 7ක උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල උණුසුම ද අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇත.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.