2024 – 04 – 18

හිරු නැගීම – 05 : 59

හිරු මුදුන් වීම – 12 : 08

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 18 වෙනි බ්‍රහස්පතින්දා. අද දවසේ තමයි සිංහල හා දෙමල අලුත් අවුරුදු නැකත් සිට්ටුවෙ අවසාන නැකත ඒ කියන්නේ පැළ සිටුවීමේ නැකත යෙදිලා තියෙන්නේ.

අපේ මුතුන් මිත්තෝ ස්වාභාව ධර්මය එක්ක බොහොම සමීපව කටයුතු කළ පිරිසක්. ඒකනේ අපිට ජීවය දෙන හිරු දෙවියන් උදෙසා මේ සූර්යය මංගල්‍යය සමරන්නෙත්. අවුරුදු චාරිත්‍ර අවසානයේ ස්වාභාව ධර්මය තවත් පෝෂණය වෙන්න අද දවසේ පැළයක් හිටවන්න යොදා ගෙන තියෙනවා.

ඔන්න ඔයාලටත් ඉඩ ලැබෙන අවස්තාවක අනිවාර්යයෙන් මේ චාරිත්‍රයත් කරන්න. පැළයක් කියන්නේ ජීවය දෙන දෙයක්. ඒකෙන් අපිට ඔක්සිජන් වගේම ආහාරත් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ආහාර තමන්ගේ ම ගෙවත්තේ වගා කර ගැනීමෙන් ඉතාම පිරිසිදු, වස විස නැති ආහාර ලබා ගන්නත් පුළුවන් වෙනවා.

අද දවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අද World Heritage Day එක. Heritage එකක් කියන්නේ උරුමයක්, ඒ කියන්නේ අපේ රටේ අතීත පුරවැසියන්ගෙන් අපිට ලැබුණු ජාතියේ උරුමයක්. ශ්‍රී ලංකාවේ සීගිරිය, අනුරාධපුරය පූජා නගරය, ඉන්දියාවේ ටජ් මහල, චීන මහා ප්‍රාකාරය වගේ ලෝක උරුම 1,199ක් UNESCO විසින් නම් කරලා තියෙනවා.

ඉතින් මේ දේවල් රටේ ඉතිහාසය දැන ගැනීම සඳහා උදව් වනවා වගේම සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගනිමින් රටේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්නත් සමත් වෙලා තියෙනවා.

ඒ වගේම අද Velociraptor කියන ඩයිනොසරයන් සඳහා වෙන් වුණු දවස. ප්‍රාග් ඓතිහාසික සත්ත්ව විශේෂයක් වන මොවුන් මීට අවුරුදු මිලියන 75 – 71ක් අතර කාලයේ දී ඉන්න ඇති කියලා විශ්වාස කරනවා.

ඔයාලා films වල දැකලා තියෙන මහා සද්දන්ත ඩයිනෝසරයන් වගේ නෙමෙයි මෙයාලා නම්, මෙයාලා කළුකුම් සතුන් වගේ ශරීර ප්‍රමාණයක් තියෙන අය. මෙයාලගේ උස මීටර් 2ක් පමණ වෙන්න ඇති කියලා විද්‍යාඥයන් සඳහන් කරනවා. ඒ වගේම මෙයාලට පියාපත් තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. 2007 මොන්ගෝලියාවේ දී හම්බ වුණු ෆොසිලයකින් මේ බව තහවුරු වෙලා තියෙනවා.

ඒ වගේම අද Exercise day එක. Exercise එහෙමත් නැත්නම් workout එකකින් අපේ ශරීරිය වගේම මනසත් ප්‍රබෝධමත් වෙනවා. ශරීරයට හොඳට ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළු කර ගන්න වගේම ශරීර ක්‍රියාකාරිත්වය හොඳින් සිද්ධ වෙන්නත් අපි හොඳට ශරීරය වෙහෙස කරන්න ඕනේ.

එහෙනම් අද දවස සතුටින්, ප්‍රබෝධයෙන් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!