ඊශ්‍රාලයට ඉරාන මිසයිල ප්‍රහාර මාලාවක්

ඊයේ (13) රාත්‍රියේ ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන සිය ගණනක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය ඉරානය විසින් ඊශ්‍රාලයට එල්ල කළ පළමු ඍජු ප්‍රහාරය වනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රාලයේ Tel Aviv නගරයේ සහ බටහිර ජෙරුසලම ඇතුළු ඊශ්‍රායලය පුරා නගරවල ගුවන් ප්‍රහාර සයිරන් නාද වී තිබෙනවා.

ඝාතක ඩ්‍රෝන යානා, බැලිස්ටික් මිසයිල සහ කෲස් මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කර තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් දකුණු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඇතුළු ස්ථාන කිහිපයකට සුළු හානි සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසා ඇත්තේ.