2024 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (13) රාත්‍රී 09.05ට යෙදී තිබූ සුබ මොහොතින් උදා වුණා.
මීළඟට දී ඇති ආහාර පිසීමේ නැකත ඇත්තේ පස්වරු 11.06 ටයි.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.
එසේම මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද මධ්‍යම රාත්‍රී 12.06ටය.

