ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගොවියෙකු වන Peter Brighton ගේ වගා බිමේ කොස් ගසක කිලෝ 45කට වැඩි බරකින් යුත් දැවැන්ත ගෙඩියක් හටගෙන තිබෙනවා.
කොස් ගෙඩියක බර බොහෝවිට කිලෝ ග්‍රෑම් 5ත් 15ත් අතර පමණ වුවත් එය කිලෝග්‍රෑම් 45ක් පමණ වීම විශේෂත්වයක්.
ගොවිපළ හිමිකරු පවසන්නේ පොළොවේ සිට මීටර් 2ක් පමණ ඉහළින් මෙම කොස් ගෙඩිය වැඩී තිබූ බැවින් පහසුවෙන් නෙළා ගැනීමට හැකි වූ බවයි.
සාම්ප්‍රදායික රසායනික පොහොරවලට වඩා ක්ෂුද්රජීවී ගහනය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ස්වභාවික පාංශු වැඩිදියුණු කිරීම් ක්‍රම භාවිතා කිරීමින් වගා කටයුතු සිදු කිරීම නිසා මෙලෙස දැවැන්ත කොස් ගෙඩියක් හට ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම මෙම වසරේ එම ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාවත් ඊට බලපාන්නට ඇති බවට ඔහු සඳහන් කරනවා.

