කුකුළු මස් මිල ඉහළට

අද (12) කුකුළු මස් කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබෙනවා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුළු මස් කිලෝවක මිල රු.1400ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම සම රහිත කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300 ක් ලෙස වාර්තා වූ අතර කරි කුකුල් මස් කිලෝවක මිල රු. 999 ලෙස සටහන් විය.